Thursday, January 22, 2009

එල්ටීටීඊයේ ප‍්‍රධානතම කි‍්‍රයාන්විත මැදිරිය අල්ලයි.

එල්ටීටීඊ සංවිධානය ධර්මපුරම් නැගෙනහිර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ප‍්‍රධානතම කි‍්‍රයාන්විත මැදිරිය රජයේ ආරක්‍ෂක හමුදා විසින් ඊයේ (21* අත්පත් කරගත් බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර කියයි.

මෙම මැදිරිය භූගතව හා පොළොවෙන් මතුපිට ඉදිකර තිබූ බවත්, එහි අඩි 80 40 දේශන ශාලාවක් ද තිබූ බවත්, එසේම රජයේ අරක්‍ෂක හමුදා කඳවුරු බලසේනා මූලස්ථාන සියල්ලගේම පිහිටි ස්ථාන දැක්වෙන සිතියමක් ද, එසේම එල්ටීටීඊ කඳවුරු පිහිටි ස්ථානවල සිතියමක් ද එම මැදිරිය තුළ තිබූ බවත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක නානායක්කාර මහතා ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති සතියේ මාධ්‍ය හමුවේදී අද (22* ප‍්‍රකාශ කළේය.

සන්නිවේදන උපකරණවලින් යුත් අංශයක් ද එම ගොඩනැගිල්ලේ වු බවද හමුදා ප‍්‍රකාශක සඳහන් කළේය.

යුද හමුදාවේ 57 වන සේනාංකය විසින් කරන ලද මෙහෙයුම්වලදී මෙම මැදිරිය සොයා ගැනීමට හැකිවූ බව කී බි‍්‍රගේඩියර් නානායක්කාර, ධර්මපුරම් නැගෙනහිර ප‍්‍රදේශයේ ඊයේ සිදු කළ මෙහෙයුම්වලින් පසුව කළ සෝදිසියකදී එල්ටීටීඊ සාමාජිකයින් සිවුදෙනකුගේ මළ සිරුරුද සොයා ගත් බවද පැවැසීය.

No comments:

Post a Comment